එළඹීමට නියමිත රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාව කෙබදු ආකාරයෙන් සැමරීම සිදුකළ යුතිද ? "පිළිපැදිය යුතු නිතීරීතීන් සහ ආචාරධර්මයන්"

මම හදවතින්ම ශ්‍රී ලාංකිකයෙකි..

ශ්‍රී ලංකාව ලස්සන පුංචි රටකිඅද ලෝකයම කුඩා ගම්මානයක් හා සමානව පුළුල් වීම එනමුදු ශ්‍රී ලංකාවද කුඩා ගම්මානයක් සේ සැලැකීමපුදුමයට පත්විය යුතු කාරණයක් නොවේ.

අප රටේ බෞද්ධහින්දුඉස්ලාම්හා කතෝලික යන සතර ආගම් නියෝජනය කරමින් ජනතාව ජීවත් වන අතර පසුගිය කාලවකවානුව තුළඅප දුටු දෙයක් කිසිම අපහසුතාවයකින් තොරව තම ආගමික උත්සවයන් ජනතාව විසින් සමරපු ආකාරය.

පසුගිය අවුරුද්දෙහි (2019) අප්‍රේල් මස 21 වන දා සිදුවූ මිලේච පාස්කු ප්‍රහාරයත් සමග 2020, මෙම අවුරුද්දේ  පාස්කු ඉරුදිනක්‍රිතුනුබැතුමතුන් සැමරුවේ කොරෝනා වෛරසය හේතුවෙන් අද ලෝකයේ පවත්නා උණුසුම් වාතාවරණය හමුවේයතවද එයින් පසු මැයිමාසයේ එළඹන ලද වෙසක් උත්සවය සැමරූවේ   ආකාරයේම ලක්වැසියන් විශාල අභියෝගයකට මුහුණ දෙමින්ය.

තවද තවත් එක් ආගමික උත්සවයක් වන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද එකී ජනතාව හට සැමරීමට සිදුවූයේ  රටෙහි පවත්නා කෝවීඩ්19 වසංගතය පැතිරයයි යැයි තිබූ බිය නිසාවෙන් රටේ සහ ජනතාවගේ යහපත උදෙසා සමරන ලද්දේ නිවැස් වල සිටයඑසේම මෙමඅවුරුදු සමය තුළ අලුත් ඇදුම්පැළැදුම්රසකැවිලි සහ ආහාර විවිධ වූ ක්‍රීඩාවන්  නිවෙස් වර්ණගැන්වීම් යනාදි අමතර අවාස්‍ථා සහ ඉසව් මෙවර නොතිබීම සහ සරලම ආකාරයෙන් ආදර්ශමත් ලෙස සැමරුම් කටයුතු නිවෙස්වලම සිට සිදුකිරීම අපහට දැකගැනීමීට හැකිවුණි.

එසේම පසුගිය අවුර්ද්දෙහි සිදුවූ එකී ම්ලේච ත්‍රස්ත ප්‍රහාරය  ලක්වැසියන් හට මහත කම්පනයක් සහ කණගාටුවක් ලබාදුන් සේම මෙමඅවුර්ද්දේද කොරෝනා ව්‍යසනය නිසා තවත් මානසිකව කායිකව සහ සමාජයීය වශයෙන් අප පහතට වැටුණු අතර එක්දිකට නොකඩවාක්‍රියාත්මක වූ ඇදිරි නීතිය නිසාවෙන් ජනතාව තම උපරිම සහය ලබාදුන් සේම ඔවුන්ගේ එකී දවස් නිවසේ සිටම තාක්ෂණික මෙවලම්ඔස්සේම් ගත කෙරුණු මොහොතක් අප දුටුවෙමු.

තවද සාමාන්‍යයෙන් මැයි මාසයේ 7/8 යන දිනයන්හී වර්ණවත් අන්දමෙන් නිවෙස් වීථී ආදිය එළිපෙහෙළි කරමින් සමරන පිංබර වෙසක්මංගල්‍යය මෙවර සැමරීමට සිදුවූයේ  නිවෙස්වල සිටමය.

දින කිහිපයකින් එළඹීමට නියමිත අපගේ රාමාසාන් උත්සවය  මෙවර ඉහත සදහන් කළ බෞද්ධ හින්දු කතෝලික අයගේ ආගමිකඋත්සවයන් සදහා අභියෝගයක් වූ එකී කියූ ආකාරයටම කොරෝනා ව්‍යසනය පැතිරෙ යමින් තිබෙන අවදානම් කාලවකවානුව තුළයතවදවෛද්‍යවරු සහ සෞඛ්‍ය අංශය තවමත් අපහට අවවාද සහ අනතුරු ඇගවීම් කරති.

*ඉහත සදහන් හේතූන් මත මෙවර අපගේ රාමසාන් උත්සවය  කෙබදු ආකාරයෙන් විය යුතුද*? 

පවත්නා උණුසුම් කෝරොනා ව්‍යසනය හමුවේ අපගේ සහෝදර ආගමික උත්සවයන් සැමැරුවේද මහත අභියෝගයකට මුහුණ දෙමින්‍ එසේ වාතාවරණයක් තුළදී මුස්ලිම් ජනතාවක් වශයෙන් අප කිසිසේත්ම සිත්පිරීනකින් සහ ප්‍රශංසා සහිතව සැමරීම සිදුකළ නොහැක.

සමස්ථ ලෝකයාම අද සිටින්නේ මහත් අභියෝගයකට සහ අපහුස්තාවයකට මුහුණ දෙමින්යමෙම වාතාවරණය හමුවේ අප රාමසාන්උත්සවය සැමරීම ධාර්මික වේද ?

එසේම අද ජනයා මෙම ව්‍යසනය හේතුවෙන් මානසිකමයකායිකමයඅධ්‍යාත්මිකව සමාජයීය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් ලෙසසාධකයක් කිහිපයක් ඔස්සේ විශාල බලපෑමකර සහ පසුබැස්මට මුහුණ දෙමින් සිටින කාලවකවානුවක් තුළ අප මෙම රාමාසාන් උත්සවයසැමරීම සුදුසුද?

රාමාසාන් දින ආගමික වතාවත් නිවසේ සිටම සිදුකරමින්තමා ලග තිබෙන දෙයින් යම් පිරිසිදු ඇදුමක් පැළද ඉතාම සරල ආකාරයෙන්මෙම උත්සවය සැමරීම සිදුකළහොත් කෙබදුද ? 

ඉස්ලාම් දහමේ යථාර්ථයේ විකාශයන්හී සිට කැපකීරීම් තුළින් දෛනික ජිවනෝපායන් සරලම ආකාරයෙන් පටන් ගන්නා ලද්දකිඑසේ අපඑම ඉස්ලාමීය ඉගැන්වීම හරහා එය පිළිපදිමින් මෙවර රාමාසාන් උත්සවය සරලම ආකාරයෙන් ලද දෙයින් නිවැස්වල සිට සමරා එමඉගැන්වීම සහ ආචාර ධර්මය  මෙලොවට ඇතුළු අපගේ රටේ සහෘදයින් සියලුම දෙනාට පෙන්විය හැකිවීම හා ආදර්ශයක් ලෙස ලබාදීමඅප සිදු කරමු.

"ඉස්ලාම් දහම මනුෂ්‍යත්යෙන් පිරිපුන්යඅනෙකා හා බැදී කරුණාව සහ දයාව ආදරය මෛත්‍රීය දැක්වීමේ මහගු ඉගැන්වීමක් කියාදී තිබේඑය රටේ යහපත ගැන සැමවිට සිතන ලද්දකිමෙය පිළිපදින සහ නිවැරැදි  අනුගමනය කරන මුස්ලිම් ජනතාව එය පෙන්වාදෙමින් රටටආදර්ශමත් වෙමින් සිටී"


ලිපියෙහි කතෘ,

මහචාර්‍ය එස්.එම්.එම්.මසාහිර්
ඉස්ලාමීය අධ්‍යාපන සහ අරාබි භාෂා පීඨය,
ශ්‍රී ලංකා අග්නිදිග විශ්‍යවිද්‍යාලය,
ඔලුවිල්,
10/05/2020

No comments