කොරෝනා ආසාදනයෙන් සුවය ලැබු ගණන 126 දක්වා ඉහළට
කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු පිරිස 126 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අද දින තවත් 6 දෙනෙකු සුවය ලැබීමෙන් පසුවයි.
මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ මධ්‍යම රාත්රියේදී පන්සියය ඉක්මවා ගියේය.
පැය විසිහතරකදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම ගණන 63ක්.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 523ක් ලෙස සටහන් වුණි.
ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් අතරින් 53කු නාවික හමුදා සෙබළුන්.
ඉන් 16 දෙනෙකු වාර්තාවන්නේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්.
No comments