ජනතාවගේ හැසිරීම සතුටුදායක නෑ-නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

ජනතාවගේ හැසිරීම සතුටුදායක නෑ-නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ


ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියේ දී ජනතා දායකත්වය සතුටුදායක නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ ජනතාව කෙතරම් දැනුම්වත් තිබුණ ද ඊයේ දිනයේදී ඔවුන්ගේ හැසිරීම සතුටුදායක නොවන බවයි. 
ඇතැම් අවස්ථාවල කිසිදු ආකාරයක නිරෝධායන නීතියකට ගරු නොකරමින් ඇතැම් ස්ථානවල පිරිස් හැසිරෙන ආකාරය දැකගත හැකි වු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා ජනතාවගේ අවධානය ප්‍රමාණවත් නොවන බවත් රථ වාහන ධාවනය පිළිබඳවද ඊයේ දිනයේ දී ගැටලු මතුවු බවත් අජිත් රෝහණ මහතා පවසයි.
අද දිනයේ මෙම තත්ත්වය පිළිබඳ දැඩිව කටයුතු කිරීමට සිදුවන බවත් ඒ මහතා කියා සිටියි.
ඒ සඳහා අද දිනයේ සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් අජිත් රෝහණ මහතා පැවසීය

No comments