නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු ආධාරකරුවන් රිමාන්ඩ්
නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු ආධාරකරුවන් රිමාන්ඩ්
නාවලපිටිය නගර සභාවේ සභාපති ඇතුළු ඔහුගේ ආධාරකරුවන් හත් දෙනෙකු මේ මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්ත්රාත් ජේ.ස්ට්රෝස්කි මහතා අද(01) දින නියෝග කර තිබේ.
නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් හත්දෙනෙකු නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක නිකේතනයක මුදලට සුදු ක්‍රීඩාවේ යෙදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන එක්කයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත එම නිලධාරින් වටවල සහ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් එක් ව ඊයේ (30) දින පස්වරුවේ අත්අඩංගුවට ගැණුනි.
සැකකරුවන් ඕනැම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් මහෙස්ත්රාත්වරයාගෙන් ඉල්ලා සිටිහ.
විවෘත අධිකරණයේ දී මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ, හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ නිරෝධානය සඳහා පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් ඉකුත් මස 20 දින අධිකරණ නියෝගයක් නිකුත් කර තිබිය දී එම අධිකරණ නියෝගයට පටහැනිව සැකකරුවන් කටයුතු කර ඇති බවත්, කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම පාලනය කිරිම සඳහා රජය , සෞඛ්‍ය අංශ , ආරක්ෂක අංශ නිලධාරින් දැඩි කැපවිමකින් කටයුතු කරන අවස්තාවක නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කිරිම සුළුකොට තැකිය නොහැකි බවයි.
සැකකරුවන් 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් හරහා මහනුවර ශික්ෂණ රෝහලේ පි.සි.ආර් පරික්ෂණයකටද යොමු කරන ලෙසට ද නියෝග කර තිබේ.
No comments