ලොව පුරා කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි

කොවිඩ්-19 වෛරසයෙන් ලොවපුරා සිදුවූ මරණ ගණන ඊයේ රාත්‍රියේදී ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
 අනුව සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ දෙදහස් හයසිය හතක් වෙද්දීආසාදිතයින් ගණන දාහත් ලක්ෂයකට ආසන්න විය.
මේ අතර අමෙරිකාවෙන් ගතවූ පැය 24 තුළදීත් මරණ 1,318ක් වාර්තා වුණේ එරට සමස්ත මරණ ගණන දහ අටදහසේ සීමාව ඉක්මවමින්.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති ලෝක බලවතා වන අමෙරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයින්විසිදහසත් සමඟින් එරට ආසාදිතයින් ගණන ලක්ෂ 5කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්තා වූ සමස්ත මරණ ගණන 18, 637ක් විය.
එරට ප්‍රාන්ත සියල්ලෙන්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති නමුත් වයොමින් ප්‍රාන්තයේ පමණක් කිසිදු මරණයක් සිදුව නොතිබීමවිශේෂත්වයක්.
කෙසේ වෙතත් පැවැති රිද්මය අනුව යමින් නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් ගතවූ පැය විසිහතරේත් නව මරණ 651ක් සිදුවිය.
 අනුව එම ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වී ඇති මරණ ගණන 5,429ක්.
වැඩිම මරණ ගණනක් සිදුවූ ඉතාලියෙන් ඊයේ දිනයේ වාර්තා වූ මරණ 570ත් සමගින් සමස්ත මරණ දැක්වුණේ 18,849ක් ලෙසයි.
ස්පාඤ්ඤයෙන් නව මරණ 634ක්ප්‍රංශයෙන් 987ක්බ්‍රිතාන්‍යයෙන් මරණ 980ක්බෙල්ජියෙමෙන් 496ක් ලෙසින් වාර්තා වුණේ තවදුරටත්යුරෝපා කලාපයට ඇති අවදානම පැහැදිලි කරමින්.
මේ අතර මීට දින කිහිපයකට පෙර රෝහල්ගත කෙරුණු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ තත්ත්වය බොහෝදුරට සුව අතට හැරීඇතැයිඔහුගේ පියා මාධ්‍ය වෙත පවසා තිබේ.
 අනුවඅගමැතිවරයාට කෙටි දුරක් ඇවිදයාමට හැකි තරමට සුවවී සිටින බව මේ වාර්තා පවසයි.

No comments