අමෙරිකාවේ කොරෝනා මරණ ඉතාලිය ඉක්මවා යයි

අමෙරිකාවේ කොරෝනා මරණ ඉතාලිය ඉක්මවා යයි

අද වන විට ලොව වැඩිම කොවිඩ් 19 මරණ සහ ආසාදිතයන් පිරිසක් වාර්තාවී ඇති රට වන්නේ අමෙරිකාවයි.
ගතවූ පැය 24 තුලදීද එරටින් එක් දහස් අටසීය ඉක්මවූ මරණ සංඛ්‍යාවක් වාර්තාවී තිබුණි.
 ඇතුළුව ලොව පුරා සිදුව ඇති සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව එක්ලක්ෂ අටදහස් අටසිය හතරක්.
ලොව පුරා කොවිඩ් 19 මරණ සංඛ්‍යාව අද වන විට එක්ලක්ෂ අදටහස් අටසීය ඉක්මවා ඇති අතර සමස්ත ආසාදිතයන් ගණනදැක්වෙන්නේ දාහත් ලක්ෂ හැත්තෑ හයදහසක් ලෙසයි.
ඉන් ආසාදිතයන් හාරලක්ෂ දෙදහසක් පමණ පූර්ණ සුවය ලබා ඇත.
කොවිඩ් 19 වෛරසයෙන් අද වන විට ලොව වැඩිම ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇති රට වන්නේ ලෝක බලවතා වනඅමෙරිකාවයි.
එරටින් අදවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන පන්ලක්ෂ විසිහත්දහස ඉක්මවා ඇති අතර  සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාවවිසිදහස් පන්සිය හයක්.
ගතවූ දිනයේදී එරටින් නව මරණ දහඅට දහසක් පමණ වාර්තාවී තිබුණි.
දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ සහ විසිදහස ඉක්මවූ මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇති එකම රට වන්නේද අමෙරිකාවයි.
එරට වැඩිම මරණ හා ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇති නිව්යෝක් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුලදීද මරණ 783ක් වාර්තාවී තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට දෛනික මරණ වාර්තාවීම ස්ථාවර අගයක පවතින බවද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.
මේ අතර වසංගත තත්ත්වය මැඩලීම සඳහා ඊයේ දිනය වන විට එරට සියළුම ප්‍රාන්තවල ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබූ බවසඳහන්.
එරට ඉතිහාසයේ ප්‍රාන්ත සියල්ලටම එකවර ආපදා තත්ත්වයක් ප්‍රකාශ කළ පළමු අවස්ථාවද මෙයයි.
ලොව දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇති ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව අද වන විට දහනවදහස් හාරසිය හැට දක්වාඉහළ ගොස් ඇත.
 ගෙවුණු දිනයේදී අලුතින් වාර්තාවූ මරණ 619ත් සමඟින්.
ආසාදිතයන් ගණනද අද වන විට එකලක්ෂ පනස් දෙදහස ඉක්මවා තිබේ.

No comments