ට්‍රම්ප් සාම සැළසුමක් එළිදක්වයි....

ට්‍රම්ප් සාම සැලසුමක් එළිදක්වයි!

දිගු කාලයක් පුරා අපේක්ෂාවෙන් සිටිජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග කලාපය සඳහා වන සාම සැලසුම එළිදක්වා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බටහිර ඉවුරේ ජනාවාස ඊශ්‍රායලයේ ස්වාධිපත්‍යයට යටත් ලෙසට අමෙරිකාව පිළිගන්නා බව එම සැලසුමේ දැක්වෙයිජෙරුසෙලමනගරය ඊශ්‍රායලයේ නොබෙදුණු අගනගරය බවට පත්කිරීමටත් එමගින් ප්‍රතිඥා දී තිබේ.
එමෙන්ම පලස්තීනය ස්වාධීන ප්‍රාන්තයක් බවට පත්කිරීමටත් ට්‍රම්ප් මෙහිදී යෝජනා කර තිබේ.
ධවල මන්දිරයේ පැවති සාම සැලසුම එළිදැක්වීමේ අවස්ථාවට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙදන්යාහුද එක්ව සිටියේය.
ඊශ්‍රායලයසාමය සඳහා දැවැන්ත පියවරක් ඉදිරියට තබා ඇති බව පැවසූ ට්‍රම්ප් මෙය පලස්තීන වැසියන්ට ලැබෙන අවසන්අවස්ථාව බව එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සාම සැලසුම කුමන්ත්‍රණයක් බවත් සිය අයිතීන් අලෙවි කිරීමට හෝ කේවල් කිරීමට ඉඩ නොතබන බවත් පලස්තීන ජනාධිපතිමහමූද් අබ්බාස් පවසයි.
ජෙරුසෙලම නගරය අලෙවි කිරීමට හෝ අදාළ කුමන්ත්‍රණකාරී සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉඩනොදන බවද පලස්තීනජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඊශ්‍රායල්පලස්තීන ගැටුම ලොව දීර්ඝතම කාලයක් පැවති ගැටුම බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එම ගැටුම අවසන් කිරීමේ අරමුණින් ට්‍රම්ප් සිය සාම සැලසුම කෙටුම්පත් කර තිබුණේ ඔහුගේ බෑණා වන ජාරේද් කුෂ්නර්ගේභාරකාරත්වය යටතේයි.
මේ අතර ට්‍රම්ප්ගේ සාම සැලසුමට එරෙහිව ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් විරෝධතාවක් පවත්වා තිබුණි.
එමෙන්ම තුර්කියජෝර්දානය ඇතුළු රටවල් කිහිපයකදීද සාම සැලසුම හෙළා දකිමින් විරෝධතා පවත්වා ඇති බව විදෙස් වාර්තාසඳහන් කළේය.

No comments